කොරෝනා පාලනයට ආයුර්වේද ඖෂධ ඍජුව දායක වු බවට ප්‍රකාශයක්

Picture of අසංක

අසංක

කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමේ ක්‍රියාවලියට දේශීය ආයුර්වේද ඖෂධ භාවිතයද ඍජු ලෙසම දායකත්වය සැපයු බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන් විසින් රටපුරා බෙදාහැරි දේශීය ප්‍රතිශක්තිකරණ ඖෂධ ඒ සඳහා මූලික දායකත්වයක් සැපයු බව ද රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්‍ගේ සංගමයේ උප සභාපති, වෛද්‍ය පී. හේවාගමගේ මහතා මාධ්‍ය වෙත පැවසීය.

දක්ෂ පාරම්පරික වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් සහ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 3000 කට වැඩි පිරිසක් රටපුරා සිටින බැවින් තවදුරටත් වෛරසය පාලනය කිරීම සඳහා ඔවුන්ට මැදිහත් වියහැකි බවද හේවාගමගේ මහතා පෙන්වා දේ

මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් සහ නිරෝධායනය අවසන් කර සිටින පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ වගකීම භාර ගැනීමට සූදානම් බව ද ඔහු සඳහන් කර සිටී