නවතම පුවත්

ඉතාලියේ සක්‍රීය රෝගීන් ප්‍රමාණය පහල යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉතාලියේ ගෙවීගිය පැය 24ක කාලය තුළ කොවිඩ්-19 ආශ්‍රිත මරණ 369ක් වාර්තා වීමත් සමග එරට වෛරසයෙන් මියගිය පිරිස 29,684ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම, යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියට හිමිව ඇත්තේ එක්සත් රාජධානියට පමණක් දෙවැනි වෙමිනි. එමෙන්ම ලෝකයේ වැඩිම මරණ වාර්තා වන රාජ්‍යයන් අතර තෙවැනි තැන ලබමිනි.

එමෙන්ම දෛනික රෝග විනිශ්චයද සමග ආසාදිතයන්ද 1,444කින් වැඩිවී ඇති අතර, මේ වනවිට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 214,457ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ඉතාලියේ සක්‍රීය රෝගීන්ගේ සංඛ්‍යාව  ඊයේ 98,467 සිට අද 91,528 දක්වා පහත වැටී තිබේ. මෙසේ රෝගීන් 6,939කින් අඩුවීම මෙතෙක් සිදු වූ විශාලතම පහළ යෑමයි.

මේ අතර, වෛරසය වේගයෙන් පැතිර යන තවත් රාජ්‍යයක් වන රුසියාවේ ආසාදිතයන් සංඛ්‍යාව 165,929 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 1,537ක් වාර්තා වෙයි. එනම් ගතවූ පැය 24 තුළ එරට ආසාදිතයන් 10,000කින් පමණ වර්ධනය වී ඇත.

මිට අමතරව ඉරානයේ ආසාදිතයන් 100,000 ඉක්මවා ගොස් ඇති අතර, එම අගය මේ වනවිට දැක්වෙන්නේ 101,650ක් ලෙසිනි. එරට මරණ සංඛ්‍යාව 6,418කි.

ඉන්දියාවේ ආසාදිත අගය 50,000 ඉක්මවා යමින්, 52,987ක් ලෙස වාර්තා වන අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 1,785කි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා