හුදෙකලා කර තිබුණු පොළොන්නරුව අභයපුර ගම්මානය අද (07) යළි විවෘත කර තිබේ.
එහි හමුවූ කොවිඩ් 19 ආසාධිතයා නාවික හමුදාවේ වැලිසර කදවුරේ සිට නිවාඩුවට නිවසට පැමිණි සෙබලෙකි.
වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලුන්ට කොවිඩ් 19 ආසාධනය වී ඇතැයි හෙළිවන්නේ එම සෙබලාට කොවිඩ් 19 ආසාධනය වී ඇතැයි අනාවරණය වීම නිසාය.
මෙම සෙබලා හමුවීමත් සමග ඔහු සමීපව ඇසුරු කළ සහ ඔහු ආගිය ගම්මානයේ නිවාස රැසක පුද්ගලයින් නිරෝධායනයට යොමු කර තිබුණි.
එම පිරිස් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු ගම්මානය විවෘත කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.