මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස්වලට අනුව තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම ඉදිරි සතියේ රැස්වීමට නියමිත ය.
එම රැස්වීම ලබන 12 වෙනිදා පැවැත්වීමට අවධානය යොමුව ඇත.
නාමයෝජනා භාර ගැණුනු තෙදින රජයේ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ගැසට් කර තිබුණි.
එබැවින් ඒ පිළිබදව නෛතික අංශයෙන් කරන ලද විශ්ලේෂණය කොමිසමේ නීති අංශයත් පාර්ලිමේන්තු මැතිවරණය පිළිබදව ක්‍රියාකරන අතිරේක මැතිවරණ කොමසාරිස්වරයාත් සාකච්ඡාකර කොමිසන් සභාවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත ය.
එම වාර්තාව කොමිසන් සභාවේ සාමාජිකයින් තිදෙනාම සලකා බැලීමේන් අනතුරුව අපේක්ෂක අංක සහ ඡන්ද මධ්‍යස්ථාන සදහන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කෙරේ.