ෆේස්බුක් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු අහන්න ලෑස්තියි

Picture of අසංක

අසංක

ෆේස්බුක් සමාජ ජාලය තුළින් මතභේදාත්මක අන්තර්ගතයන් ඉවත් කිරීම පිළිබඳව අවසාන තීන්දුව ගැනීම සඳහා පිහිටුවා ඇති ස්වාධීන මණ්ඩල සාමාජිකයන්ගේ නම් ෆේස්බුක් සමාගම නිවේදනය කර තිබේ.

ඩෙන්මාර්කයේ හිටපු අගමැති හෙලේ තෝර්නිං-ෂ්මිච් තවත් තිදෙනෙකු සමඟ මෙම ස්වාධීන මණ්ඩලයේ සම-සභාපතිත්වය දරනු ඇත.

විනිසුරු මඩුල්ල කියා සිටියේ “එහි ඇති අමාරුම නඩු” මෙමගින් විනිශ්චය කරන බවයි.

එක් විශේෂඥයෙක් පැවසුවේ මෙය මණ්ඩලය පිහිටුවීම එඩිතර අත්හදා බැලීමක් බවයි.

ෆේස්බුක් සමාගම පෙන්වාදෙන්නේ මෙම ස්වාධීන මණ්ඩලය “ෆේස්බුක් අන්තර්ගතය නවීකරණය කිරීමේ නව ආකෘතියක් නියෝජනය කරන” බවයි.

මුලදී සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත මෙම සංඛ්‍යාව 40 දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

මේ වසර අගදී නඩු විභාග කිරීම ඇරඹේ.

මුලදී මෙම අන්තර්ගතයන් ඉවත් කිරීම් වැරදි ලෙස හා අසාධාරණ ලෙස ඉවත් කර ඇති බව පුද්ගලයන්ට හැඟෙන බැවින් මෙම පියවර ගැනිණ.

මෙහිදී සිදුව ඇත්තේ අන්තර්ගතය ගැන සිතා බැලීමක් පමණක් වන නමුත්, ඉදිරි මාසවලදී, ෆේස්බුක් අන්තර්ගතය ඉවත් කිරීමට කැමති පරිශීලකයින්ගේ අභියාචනා පිළිබඳව ද මෙමගින් අවධානය යොමු කරනු ඇත.