නව කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරිනීතිය පනවා සීමා කර තිබූ මෙරට ජනජීවිතය හා ආයතනික කටයුතු ලබන 11 වන සදුදා සිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රමවේද ඇතුළත් ගැසට් නිවේදනය මැයි 09 සහ 10 යන දින දෙක තුළදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටී.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනකට සහභාගී වෙමින් ඒ මහතා ඊයේ (8) මේ බව කීය.
ඒහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ, අදාල ගැසට් නිවේදනයෙන් නිරෝධායන නීති රීති කඩ කරන පුද්ගලයන්ට ඒරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා අවශ්‍ය බලය හිමි වන බවයි.
රට යථාවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ලබාදෙන තක්සේරුව පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තරදුරටත් කරුණු දැක්වීය.
“මේ වන විට කෝවිඩ් 19 රෝගය සැළකිය යුතු ලෙස ශ්‍රී ලංකාවේ පාලනය කර තියෙනවා. මේ රෝගය මුළුමනින්ම නැවතී නැහැ. මේ රෝගයට ඒන්නතක් නැහැ. රට වහගෙන ඉන්න පුළුවන්කමක් නැහැ සමාජයකට. ඉන්පසු ජන පීවිතය, සෙ ආර්ථිකය අඩාල වීමෙන් වෙනත් සෞඛ්‍ය ගැටලු උත්සන්න වෙනවා. මේ ගැන සමතුලිතව සිතා බැලුවාම අපි යම්කිසි තීරණයක් ගැනීමට අවශ්‍ය අවස්ථාවකට ඇවිල්ලා තියෙන්නේ.
හැබැයි මේ සියල්ල ක්‍රමිකව සිදුවිය යුතුයි. ඒහෙම නැත්ම් නැවත කෝවිඩ් යුගයකට යාමට අපිට සිදුවෙනවා.” යැයිද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.