හෙට සිට සති දෙකක කාලයක් ගතවන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය යොදා නොගන්නා ලෙස සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ,මගි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයට
උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සැපයිය යුත්තේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ සේවා සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණක් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුම්දී ඇත.
ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස්රථවලින් ප්‍රවාහන සේවා නොසපයන ලෙස ජනරාල්වරයා අදාල අංශවලට උපදෙස් දී තිබේ.