ඇඳිරිනීති ලිහිල් කළත් කොරෝනා නීති දැඩි කරන්නැයි වෛද්‍ය සංගමය ඉල්ලයි

Picture of අසංක

අසංක

රට යථා තත්ත්වයට පත්කෙරෙන විට ඊට සමගාමීව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ පිළිවෙත් දැඩිව සිදු නොවන්නේ නම්, ආසාදනයන ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීමේ අවදානමක් පවතින බව
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කර සිටී.

ඒ අනුව ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ ක්‍රියාවලියේදී කිසිදු අතපසුවීමක් සිදුනොවීමට සියලු පාර්ශව වගබලා ගත යුතු බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක අනතුරු අඟවා සිටි.

කෙසේ වෙතත්ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් වසංගතය තවමත් පොකුරු වලට පමණක් සීමා වී ඇති බව කරුණාතිලක මහතා පැවසෙයි.

ඒ අනුව මෙරට තුල කොරෝනා වෛරසය ප්‍රජාව තුල ව්‍යාප්තවී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද
ලංකා වාණිජ මණ්ඩලය සහ ජාතික වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ වෙබ් සම්මන්ත්‍රණයකදී කරුණාතිලක මහතා පැවසීය .

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන්ගේ ආශ්‍රිතයින්ට වෛරසය වැලදීමේ අනුපාතය අනෙක් රටවල් සමග සැසදීමේදී ඉතා අඩු අගයක් ගන්නා බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක වැඩිදුරටත් සඳහන් කර සිටියේය .