කොරෝනා වෛරසය ආසාදිතයින් බහුලව හමුවූ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් 298 දෙනෙක් ඊයේ (09) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර යාපනයේ තෙන්මාරච්චි හමුදා කදවුරු සංකීර්ණයෙන් පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව එම පිරිස් සිය නිවෙස් වෙත රැගෙන යාමට හමුදාව පහසුකම් සලසා ඇත.
සියයකට වැඩි ආසාධිතයින් පිරිසක් සහිතව මෙරට දෙවැනි විශාලතම කොවිඩ් 19 ආසාධිත පොකුර හමුවන්නේ බණ්ඩාරනායක මාවතෙනි.
මේ වන විට හුදෙකලා කර ඇති බණ්ඩාරනායක මාවත මෙම සතිය තුළ විවෘත කිරීමටද සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අපේක්ෂා කරයි.