නවතම පුවත්

පුත්තලමේ ලොක්ඩවුන් ගමකින් කෝටි 4ක කුඩු මතුවෙයි

අසංක

අසංක

වසංගත ත්ත්වය හේතුවෙන් හුදෙකලා කළ පුත්තලමේ කඩුමයන්කුලම ගම්මානයෙන් රුපියල් ලක්ෂ 400 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් සොසොයාගෙන තිබේ.

පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ පුත්තලම දිසා ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකින් එම හෙරොයින් තොගය හමුවී ඇත.

එහි හෙරොයින් කිලෝ 04 යි, ග්‍රෑම් 368 ක් හමුවිය.

එම හොරොයින් සමග සැකපිට හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි ප්‍රධාන ජාවාරම්කරු පුත්තලමේ නූර් පල්ලිය ආසන්න නිවසකින් අත්අඩංගුවට ගෙන ඇත.

එම නිවසේද හෙරොයින් සගවා තිබුණු බවත් පොලීසිය කියයි.

මීගමුව බන්ධනාගාරයේ රදවා සිටින මහා පරිමාණ ජාවාරම්කරුවෙක් විසින් මෙම ජාවාරම ‍ජංගම දුරකතන ඔස්සේ මෙහෙයවන බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

ගම්මානය හුදෙකලා කරන අවස්ථාවේදීද එහි හෙරොයින් විශාල ප්‍රමාණයක් තිබී ඇති අතර ඉන් කොටසක්හොර රහසේ බෙදා හැර ඇති බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්