පුත්තලමේ NGO ලොක්කෙකුගෙන් TIDය ප්‍රශ්න කරයි

Picture of අසංක

අසංක

පුත්තලමේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක විධායක අධ්‍යක්ෂකවරයෙකුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඊයේ (9) දීර්ඝ ලෙස ප්‍රශ්නකර තිබේ.

ඒ පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා සභාපති ධුර දරන රාජ්‍ය නොවන සංවිධානය සමග ගනුදෙනු කළ බව කියන අධ්‍යක්ෂවරයෙකුගෙනි.

ඔහු පුත්තලම මදුරන්කුලියේ අසාද් නගර් හී පදිංචිකරුවෙකි.

එම විධායක අධ්‍යක්ෂකවරයාගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විමසා ඇත්තේ පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා සභාපතිධුරය දරණ රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරීත්වය සහ ඊට මුදල් ලැබෙන ආකාරය ගැනය.

නීතීඥවරයා සභාපතිධුරය දරන රාජ්‍ය නොවන සංවිධානයේ භාණ්ඩාගාරික සහ ලේකම් ලෙස කටයුතුකර ඇත්තේ පාස්කු ඉරිදා ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකෙට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලකල බෝම්බකරුවන් දෙදෙනෙකි.