නවතම පුවත්

කොරෝනා මැඩලීමේ ශ්‍රි ලංකේය ආකෘතිය රාජ්‍ය බුද්ධි සේවය (SIS) හෙළිකරයි

අසංක

අසංක

සම්පුර්ණ වාර්තාව මෙන්න

තෝමස් පුයෝගේ මිටිය සහ නර්ථනය න්‍යායෙන් ඔබ්බට ගොස් ශ්‍රි ලාංකේය ආකෘතියක් යටතේ කොවිඩ්-19 (කොරෝනා) වැළැක්වීම,පැතිරයාම පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම රාජ්‍ය බුද්ධි සේවය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සදහා ක්‍රියාකාරි මැදිහත්වීම – PROACTIVE INTERVENTION TO PREVENT ANY OUTBREAK OF COVID19 WITHIN SRI LANKA මැයෙන්වන ජනාධිපතිවරයාගේ දැක්ම අනුව මේ දක්වා කොවිඩ්-19 වැළැක්වීමේ, පැතිරයාමේ පාලනය, කළමනාකරණයට අදාල තොරතුරු මෙම පර්යේෂණ සහ සංකල්ප වාර්තාවට ඇතුළත්ය.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස මේ වනවිට බ්‍රිගේඩියර් සුරේශ් සලේ කටයුතු කරන අතර රාජ්‍ය බුද්ධි සේවය සහ අනෙකුත් ආරක්ෂක බුද්ධි සේවා ජනතාව කොරෝනා වසංගතයෙන් මුදා ගැනීම වෙනුවෙන් ගත් පියවරයන්ද, කොරෝනා පොකුරු පාලනයට ගත් පියවරයන්ද මෙම පර්යේෂණ වාර්තාවේ සදහන්ය.

අදාල වාර්තාව අනුව මෙම වෛරසය සම්බන්ධයෙන් බොහෝ පර්යේෂණ හා විද්‍යාත්මක අධ්‍යනයන් කර ඇතත් මේ දක්වා විශ්වාසනීය එන්නතක් නිපදවා නැත. මෙවැනි තත්ත්වයකදී වෛරසය ආසාදනය වැළැක්වීම සහ වෛරසය පැතිරීම පාලනය කිරීම හොදම විකල්පය ලෙස සැලකේ යැයි දක්වා ඇත.

කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ ශ්‍රි ලාංකීය ක්‍රමවේදය සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ සාමුහික ප්‍රවේශයක් වන අතර එය වැළැක්වීම, පැතිරයාම පාලනය කිරීම සහ කළමනාකරණය යන පියවරයන්ගෙන් සමන්විත ක්‍රියාදාමයකි.
අදාල පර්යේෂණ වාර්තාව මෙසේය.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි