නවතම පුවත්

කළු සල්ලි සුදු කරන අවදානම් ඇති රටවල් ලැයිස්තුවකින් ශ්‍රී ලංකාව ඉවතට

අසංක

අසංක

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳ අවදානම් සහිත තුන්වෙනි රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට යුරෝපා කොමිසම කටයුතු කර තිබේ.

එම කොමිසම විසින් පසුගිය 07 වැනිදා මේ බව ප්‍රකාශයට පත් කර ඇත.

2018 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව ඉහත කාරණාවලින් ඉහළ අවදානම් සහිත තුන්වන රටක් ලෙස නම් කරන ලදී.

2017 වසරේ ඔක්තෝබර් මාසයේදී මාසයේ දී ඒ පිළිබඳ ‘අළු’ ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබුණි. ඉන්පසුව හඳුනාගත් උපායමාර්ගික අඩුපාඩු සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට කාලසීමාවක් සහිත ක්‍රියාකාරී සැලැස්මක් පවරා තිබුණි.

FATF විසින් ලැයිස්තුගත කර ඇති දින සිට මූල්‍ය බුද්ධි ඒකකය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග එක්ව නියමිත කාලසීමාව තුළ ක්‍රියාකාරී සැලැස්ම හොඳින් ක්‍රියාත්මක කිරීම සහ ඵඵලදායී ලෙස පැහැදිලි පියවර මාලාවක් ගැනීම හේතුවෙන් ඉහත ලැයිස්තුවලින් ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව සාර්ථක වන ආකාරය අනුව ඉවත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි