කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම සඳහා වූ සාර්ථක මට්ටමේ පර්යේෂණ අටක් පමණ මේ වනවිට ලොව පුරා ක්‍රියාත්මක බවත් එම පර්යේෂණ තවදුරටත් වේගවත් කරගැනීම සදහා සියලු දෙනා පූර්ණ සහය ලබාදීය යුතුව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී.
මෙම පර්යේෂණ කාර්යක්ෂම කරලීම සඳහා දැනට ඩොලර් බිලියන අටක් පමණ ලබාදී ඇති බවත් ඒ සඳහා රටවල් බැංකු හා ආයතන හතළිහකටත් වැඩි ප්‍රමාණයකින් සහය ලැබී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.
කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නිපදවීම සඳහා තවත් කණ්ඩායම් හා රටවල් ඉදිරිපත්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.
දැනට සාර්ථක මට්ටමෙන් ක්‍රියාත්මක බවට හඳුනාගෙන ඇති පර්යේෂණ හරහා ඉක්මනින්ම කොරෝනාවට එරෙහි එන්නතක් නිශාදනය වෙනු ඇති තම සංවිධානය අපේක්ෂා කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙද්රෝස් මහතා මෙහිදී මාධ්‍ය වෙත සඳහන් කර ඇත.