නවතම පුවත්

ප්‍රධාන ගමනාන්ත කිහිපයකට හෙට සිට ගුවන් ගමන් ඇරඹේ

අසංක

අසංක

 

ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහ හොංකොං යන ප්‍රධාන ගමනාන්ත හතරකට හෙට සිට යලි ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සැලසුම් කර ඇත.

සංචාරක උපදේශ යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට පමණක් මෙහිදී සේවා සැපයීමටද ශ්‍රී ලන්කන් ගුවන්සේවය පියවර ගෙන ඇත. කටයුතු යොදා ඇත.

ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් මෙසේ නැවත ගුවන් ගමන් කිහිපයක් ආරම්භ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන්සේවය පියවර ගත් බව එහි ප්‍රකාශකයකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ඒ අනුව, මෙම ගමනාන්තවලට හෝ ඉන් ඔබ්බට සංචාරය කිරීමට කැමති මගීන්ට දැන් ශ්‍රීලංකන් කාර්යාල හරහා හෝ ළඟම සංචාරකනියෝජිතයා හරහා ගුවන් ටිකට්පත් මිලදී ගත හැකි යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කර සිටී .

මේ අතර මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ අපනයනකර්මාන්ත සඳහා සහය දැක්වීම සඳහා ගුවන් සේවය ගමනාන්ත 17 ක් සඳහා විශේෂ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත. ඊට මාලදිවයින වෙත සතිපතා ගුවන් ගමන් තුනක් , චෙන්නායි ,හොංකොං, සිංගප්පූරුව, ලන්ඩන්, දෝහා, ඩුබායි, මෙල්බර්න්, බීජිං, ගුවැන්ෂු(කැන්ටන්) සහ ෂැංහයි වෙත සතියකට ගුවන් ගමන් දෙක බැගින් සිදු කිරීමට නියමිතයි. මුම්බායි, කරච්චි,ලාහෝර්,ඩකා, ෆ්‍රැන්ක්ෆර්ට් සහ ටෝකියෝ වෙත සතියකට එක් ගුවන් ගමන් වාරය බැගින් ක්‍රියාත්මක වේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි