අමෙරිකාවේ කොරෝනා බලපෑම ඉහළට – ට්‍රම්ප්ගේ බලය පහළට

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය තවදුරටත් ඇමෙරිකාව තුල වේගවත්ව ව්‍යාප්තවීමත් සමග එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ඇති ජනප්‍රසාදය වේගයෙන් පහත වැටෙමින් ඇති බව රොයිටර්ස් පුවත් සේවය හා ipsos ජාත්‍යන්තර සමීක්‍ෂණ ආයතනය  එක්ව කල නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ඒ අනුව ළඟ එන ඇමෙරිකානු ජනාධිපතිවරණයේ වැඩි වාසිය මේවනවිට ට්‍රම්ප් ගේ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් සතුව පවතින බවද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

විශේෂයෙන් පසුගිය මාසය තුල ට්‍රම්ප් ගේ ජනප්‍රසාදය බෙහෙවින් පහත වැටී ඇති බවත් ඒ අනුව ඔහු ජෝ බයිඩන්ට වඩා සියයට 8ක ලකුණු ප්‍රතිශතයකින් පසුබා සිටින බවද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ .

මේ අතර බෝවෙන රෝග සම්භන්ධව එරට සිටින විශේෂඥයකු වන වෛද්‍ය ඇන්තනි ෆසී මහතා සඳහන් කර ඇත්තේ ඇමෙරිකාව තවමත් මෙම වෛරසය කිසිසේත්ම පාලනය කර නොමැති බවයි . ඒ අනුව සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම හරහා එරට තවත් ජීවිත රැසක් අහිමිවනු ඇති බවද ඔහු අවධාරණය කර ඇත.