රාජිතගේ ඇප අවලංගුයි

Picture of අසංක

අසංක

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අද නියෝග කර තිබේ.

ඒ අදාළ ඇප නියෝගය අවලංගු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

අද කැඳවූ පෙත්සම සළකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.