ලංකාවේ ආගන්තුක සත්කාර ගැන ලොවම කතාවේ

Picture of අසංක

අසංක

 

කොරෝනා වසංගත සමය තුල ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආගන්තුක සත්කාරත්වයෙහි විශිෂ්ටත්වය පිළිබඳ ලොව ප්‍රමුඛතම වීඩියෝ බ්ලොගර්කරුවෙකු වන නුසේර් යසීන් ( Nuseir Yassin) නොහොත් නාස් විසින්නිකුත් කර ඇති නවතම වීඩියෝවක් ලොව පුරා විශාල පිරිසකගේ සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට සමත්ව ඇත .

සිය Nas News නම් ෆේස්බුක් පිටුවෙහි පළ කර ඇති මෙම වීඩියෝවෙන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශයේ එලෙස අතරමං වූ විදේශිකයින් 14 දෙනෙකු රැක බලා ගැනීමට ශ්‍රී ලාංකිකයින් විසින් කටයුතු කළ ආකාරයයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ ලොව බොහෝ ලක්ෂ සංඛ්‍යාත සංචාරකයින් ප්‍රමාණයක් තම මවු රට නොවන රටවල, මිල මුදල් ද නොමැතිව අසරණව, අතරමංව සිටින පසුබිමක,ශ්‍රී ලංකාවේ ජනතාව මෙසේ සංචාරකයින්ට ආධාර උපකාර කිරීම සුවිශේෂී කරුණක් වන බවද නාස් මෙහිදී පෙන්වාදී ඇත.

අතරමං වූ සංචාරකයින් පිළිබඳ සොයැබැලීමට ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් ක්‍රියාත්මක කල ද Tourism Disaster Monitoring and Hosting වැඩසටහන ද නාස් විසින් මෙහිදී අගය කර ඇත.

https://www.facebook.com/101147241577034/posts/124095005948924/