දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා යුපුන් අබේකෝන්

Picture of අසංක

අසංක

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වීමට ශ‍්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ක්‍රීඩකයා සමත්ව ඇත

ජර්මනියේදී ඊයේ (08) පැවැති ජාත්‍යන්තර මළල කී‍්‍රඩා තරගාවලයකදී සුපුන් මෙම වාර්තාව අත්පත් කරගෙන ඇත.

එම තරගාවලියේදී මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව යුපුන් අබේකෝන් තත්පර 10.16 කින් නිම කර ඇති අතර ද එය නව ශ‍්‍රී ලංකා වාර්තාවක් ද වනවා.

මීට පෙර දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා සහ මීටර් 100 ධාවන ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ලද්දේ මෙරටෙහිම ක්‍රීඩකයෙකු වන හිමාෂ ඒෂාන්ය

2016 වර්ෂයේ ඉන්දියාවේ ගුවාතිහිදී පැවැති 12 වන දකුණු ආසියානු කි‍්‍රඩා උළෙලේදී තත්පර 10.22 ක දක්ෂතාවක් වාර්තා කරමින් හිමාෂ ඒෂාන් එම වාර්තාව පිහිටුවා තිබුණි .