නවතම පුවත්

මෙරට වෛද්‍ය සභාවේ තීරණය ගැන රුසියාව අවධියෙන්

අසංක

අසංක

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් රුසියාවේ ප්‍රමුඛ රාජ්‍ය විශ්වවිද්‍යාල තුනක් සිය පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගන්නා ලද තීරණය පිළිබඳ රුසියාවේ දැඩි අවධානය යොමුව ඇති බව මෙරට රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම තීරණය ගෙන ඇත්තේ කිසිදු ආකාරයක පූර්ව දැනුම්දීමකින් තොරව වන බවද එම නිවේදනයේ දැක්වේ .

පසුගිය වසර කිහිපය මුළුල්ලේ ම, ශ්‍රී ලංකාවට පැමිණි මෙම සරසවිවල නියෝජිතයන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අතර නිරන්තර සාකච්ඡා සිදු වී තිබියදීත්, වෛද්‍ය සභාවට එම විශ්වවිද්‍යාල මගින් ගෙවිය යුතු ගාස්තු ද ගෙවා තිබියදීත්, මෙම තීරණය ගැනීම ගැනද රුසියානු තානාපති කාර්යාලය මෙම නිවේදනය හරහා අවධානය යොමු කර ඇත

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මෙම තීරණය හේතුකොටගෙන, ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රියාවලිය ඇණහිටීමෙන්, ශ්‍රී ලාංකික සිසුන්ට ලැබෙන මාහැඟි අවස්ථාවක් අහිමි වීම සිදු නොවනු ඇතැයි රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය බලාපොරොත්තුව වන බවද එම නිවේදනයේ දැක්වේ .

රුසියාවේ ප්‍රමුඛ රාජ්‍ය විශ්වවිද්‍යාල තුනක් වන මහජන මිත්‍රත්ව සරසවිය (කලින් ලුමුම්බා සරසවිය නමින් හඳුන්වන ලද), පිරගොෆ් රුසියානු ජාතික පර්යේෂණ වෛද්‍යවිද්‍යා සරසවිය සහ ත්වේර් රාජ්‍ය වෛද්‍යවිද්‍යා සරසවිය සිය පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පසුගියදා පියවර ගෙන ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා