හෙරොයින් මත්කුඩු කිලෝ 17ක් සමග අලුත් ජාවාරම් කල්ලියක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

මහනුවර කොස්වත්ත කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 13 ග්‍රෑම් 405ක් සමග පුද්ගලයින් හත් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතා පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මීට පෙර හඳුනා නොගත් අලුතින් බිහි වූ ජාවාරම්කරුවන් පිරිසක් බවයි.

කොස්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 360ක් සමග සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත තවත් යතුරු පැදියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 232ක් සමඟයි.

කිලෝ 13ක මත්කුඩු තොග නිවස තුළින් සොයාගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.