හලාවත පුද්ගලයෙකුට තුන්වැනි වරටත් කොරෝනා

Picture of අසංක

අසංක

හලාවත ආනමඩුව ප්‍රදේශයේ සිටි පුද්ගලයෙකුට තුන්වැනි වරටත් කොරොනා වෛරසය කොරොනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු ඩුබායි සිට පසුගිය අගෝස්තු මාසයේ දාසේ වැනි දින ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

ඔහු වැලිකන්ද මධ්‍යස්ථානයට නිරෝධායන සඳහා යොමු කර සිටියදී ඇතිවූ රෝගී තත්වයක් මත පරික්ෂා කිරීමේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

පසුව එය සුව වීමෙන් අනතුරුව යළි නිවාස නිරෝධායනයට ලක්ව සිටියදී යළි ඔහුට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා PCR පරීක්ෂණයේදී කොරෝනා වෛරසය තහවුරු වීම නිසා යළි රෝහල්ගත කෙරිණි.

එය සුව වීමෙන් පසුව පසුගිය 25 වැනිදා නිවාසය කරා ගොස් ඇති අතර නිවාස නිරෝධායනයට ලක්ව සිටියදී ඔහු යළිත් අසනීප වීම නිසා රෝහල් ගත කිරීමේදී හෙළි වී ඇත්තේ කොරොනා වෛරසය යළිත් ආසාදනය වී ඇති බවයි.

ඔහු මේවනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටී.