ඇමරිකානුවන්ට කොරෝනා එන්නත හෙට සිට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ෆයිසර් සහ බයෝ එන් ටෙක් සමාගමේ කොරෝනා මර්දන එන්නත හෙට සිට ලබාදීම ඇරඹීමට අමෙරිකාව කටයුතු යොදා ඇත
අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ, මෙම එන්නතෙහි ප්‍රථම මාත්‍රා මිලියන 3 මේ සති අන්තයේ සියලු ප්‍රාන්ත වෙත නැව් මඟින් ප්‍රවාහනය කෙරෙන බවයි .

කොරෝනා වෛරසයට එරෙහිව 95 % ක ප්‍රතිශතයක ප්‍රතිශක්තියක් ලබාදෙන මෙම එන්නත ආරක්ෂිත යැයි අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය දැනුම්දී ඇත .

මෙම එන්නත ලබාදීමට අනුමැතිය ලැබීම කොරෝනා වසංගතයට එරෙහි සටන් හැරවුම් ලක්ෂයක් බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය ප්‍රකාශ කළේ ය.