නවතම පුවත්

නව කර්මාන්ත ඇරඹීමට, නව ආයෝජකයින් 150 ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බස්නාහිර පළාත තුල නව  කර්මාන්ත ඇරඹීම සඳහා ආයෝජකයින් 150කට ආසන්න ප්‍රමාණයක් කර්මාන්ත අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති  බව වාර්තාවේ .

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම මඟින් රුපියල් මිලියන 30,000ක පමණ ආයෝජනයක් යටතේ රැකියා අවස්ථා 11,500ක් පමණ උත්පාදනය කිරීමට හැකියාව පවතින බව තහවුරු වී ඇති බවද එම අමාත්‍යංශය සඳහන් කර සිටී .

දැනට බස්නාහිර පළාතේ කර්මාන්තපුර 08ක් පිහිටා ඇති අතර, ඒවා පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වේ. එබැවින්, බස්නාහිර පළාතේ නව කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පවතී.

ඒ අනුව, ඇඟළුම් හා ආශ්‍රිත නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රබර්, ප්ලාස්ටික්, ඖෂධ හා ආශ්‍රිත නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, ඇසුරුම්කරණ, අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන සහ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ආරම්භ කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයට අයත් කලුදියවල වත්ත නැමැති රජයේ ඉඩමෙහි අක්කර 100ක පමණ භූමියක කටුනායක කර්මාන්තපුරය ස්ථාපිත කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා