දම්පත් රණසිංහ
මීට වසර දෙකකට පෙර පාස්කු ඉරිදා දිනක මෙරට තුළ 269 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිය ගණන් තුවාල ලැබූ අන්තවාදී ත්‍රස්තවාදී කල්ලියක මරාගෙන මැරෙන බෝම්බකරුවන් එල්ල කළ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව අද (01) දින එහි සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා සහ සෙසු සාමාජිකයන් පස්දෙනා මෙන්ම ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදීමට නියමිතය.
පිටු ලක්ෂයකට ආසන්න බව කියන මෙම අවසන් වාර්තාව රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද්දේ කොමිශන් සභා සාමාජිකයන්ගේ දැඩි අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ ඉතා රහසිගතවය.
මෙම අවසන් වාර්තාවේ 458 දෙනෙකුගෙන් ලබාගත් සාක්ෂි පිටු 40,000කට අධික ප්‍රමාණයක් පවතින බවට වාර්තා වේ.
වාර්තාවේ නිර්දේශවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනත් කිසිදු පාර්ශ්වයකට ලැබීම වළක්වාලීමට සභාපති විනිසුරුවරයා විසින්ම නිර්දේශ බොහොමයක් යතුරුලියනය කළ බවට ද වාර්තා වේ.
කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ එතෙක් විමසන ලද සාක්ෂි වෙළුම් වශයෙන් රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කර ඇත.