පැතුම් වික්‍රමරත්න
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත්කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකොන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කර ඇති එම ත්‍රිපුද්ගල කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේමා කුමුදුනී වික්‍රමසිංහ, අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ යන මහත්ම මහත්මීන්ය.
2015 ජනවාරි මස 08 වන දින සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලය තුළ සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම මෙම නව කොමිසමට පැවරී ඇති අතර, ඒ අනුව මාස 03 ක් ඇතුළත විමර්ශන සිදුකර අවශ්‍ය නිගමනයන් හා නිර්දේශවලට අනුව ලබාදෙන දඩුවම් දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට නියෝග කර ඇත.