නවතම පුවත්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන ඉන්දියාවෙන් දැඩි ප්‍රතිචාරයක්.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අදාලව  ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව එරට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටී ..

නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (1) ඒ බව අප වෙබ් අඩවිය වෙත  පැවැසීය.

ශ්‍රී ලංකා අදාළ ගිවිසුමට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්ව මට්ටමින් ද මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයිද ඔහු මෙහිදී පැවසීය   .

විදෙස් ආයෝජකයන් සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර තීන්දුවක් ගත් බවත් ඒ අනුව සියලු පාර්ශව දැනට ඇති ගිවිසුමට අදාළ අවබෝධතා සහ වගකීම්වලට බැඳී සිටින බවත්  ඔහු පැවසීය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා