නැඟෙනහිර පර්යන්තය  මුළුමනින්ම  වරාය අධිකාරියට 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

– කැබිනට් අනුමැතිය හිමිවූ බව වරාය ඇමති කියයි
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
 වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඊයේ (1) පැවැති කැබිනට් හමුවේදී අමාත්‍ය මණ්ඩලය ඒකමතිකව එම තීරණයට එළඹි බවය.
කොළඹ වරාය නැගෙනහිර පර්‍යන්තය 100%ක්ම වරාය අධිකාරියේ පාලනය යටතේ ක්‍රියාත්මක කිරීමට අදාළ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඊයේ (01) ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා  පොරොන්දු වූ බව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.
ඒ ඊයේ දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පවසා සිටියේ, අදාළ කැබිනට් පත්‍රිකාවේ නිවේදනය අද (2) දිනයේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.