වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණයත් සමග සෞඛ්‍ය වෘත්තියකයන් අතර යම් තිගැස්මක් ඇති වී තිබෙන බවත් දැන්වත් ජනතාවට රට තුල පවතින කොවිඩ් අවදානම ගැන පැහැදිලිව අනතුරු ඇඟවිය යුතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී
අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ තවමත් පොදු ජනතාවට මෙම අවදානම නිසි ලෙස සන්නිවේදනය වීමක් සිදුනොවන බවය .
අවධානම කනට ඇසෙනාවට වඩා පෙනෙන්නට තිබිය යුතු හෙයින් වත්මන් තත්ත්වය නිවැරදි ලෙස ජනතාවට සන්නිවේදනය කළ යුතු බවද අළුත්ගේ මහතා කියාසිටියේය.
ලෝකය පුරා සෞඛ්‍ය වෘත්තිකයින් දහස් ගණනක් මිය ගොස් ඇති තත්ත්වයක වුවද අපගේ රට තුළ මරණ අනුපාතය ඉතා පහළ මට්ටමක පවත්වාගෙන යමින් සිටියදී ගයාන්ගේ මරණයෙන් සෞඛ්‍ය වෘත්තියකයන් අතර යම් තිගැස්මක් ඇති වී තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.
තවදුරටත් මෙම රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීමේ හැකියාව අප සතුව පවතින නමුත් එය නිකන් බලාහිඳීමෙන් සිදුනොවන හෙයින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බව වෛද්‍ය හරිත අළුත්ගේ මහතා අවධාරණය කළේය.