වී නොවන අනෙකුත් භෝග සඳහාත් , පොහොර සහනාධාරය හිමිවේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වී නොවන අනෙකුත් භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබා දීමට රජය තීරණය කර ඇත

එම එක් එක් භෝග අයත්වන පර්යේෂණ ආයතන මඟින් නිශ්චය කරනු ලබන ප්‍රමාණයන්ට අනුව වර්ෂයකට උපරිම හෙක්ටයාර 05ක් දක්වා එම පොහොර සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතියද  ය ලැබී ඇත..

වී වගාව සඳහා දැනට පවත්නා ක්‍රමවේදයට යටත්ව උපරිම අයුරින් එක් කන්නයකට හෙක්ටයාර දෙකක උපරිමයකට යටත්ව එම පොහොර සහනාධාරය හිමි වෙයි.

වී වගාව සඳහා පමණක් පොහොර මෙට්‍රික් ටොන් 382,000ක පමණ ප්‍රමාණයක් ප්‍රතිලාභීන් මිලියන 1.45කට වාර්ෂිකව මෙම සහනාධාරය ලබාදෙයි.

දැනට පවතින ක්‍රමවේදය යටතේ වී නොවන භෝග සඳහා වන පොහොර සහනාධාරය ඉලක්කගත කර ඇති ගොවීන්ගෙන් පරිබාහිරව වෙනත් පාර්ශව ප්‍රයෝජනයට ගැනීම නිසා අවශ්‍ය අවස්ථාවල ගොවීන්ගේ පොහොර අවශ්‍යතා සලසා ගැනීමට බාධා මතු වීම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇත .