පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා ගොනුකළ යුතු බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇත
ඔවුන් දෙදෙනොට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන්ටද චෝදනා ගොනුකළ හැකි බව කොමිසම නිර්දේශ කර ඇතැයිද වාර්තාවේ දැක්වේ
මීට අමතරව ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිළධාරීන්, අන්තවාදී අදහස් පතුරුවන සහ අන්තවාදී සංවිධාන පිහිටුවන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළ නිළධාරීන් සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳවද කොමිසම සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇත. විදෙස් ආධාර ලබා ගනිමින් අන්තවාදී අදහස් පතුරුවනු ලැබූ පුද්ගලයින්ට එරෙහිව මෙහිදී කොමිසම විසින් සිය නිර්දේශ ඉදිරිපත් කොට ඇත.