මෙරට කොඩිව් එන්නත්  ලබාගත් පිරිස 160,000 ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

ඊයේ  උදෑසන වන විට මෙරට තුල  කොවිඩ් එන්නත ලබාදුන් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 160148 ක් ලෙස වාර්තාවිය

 

.ඒ අනුව  (06) පස්වරු 8.30 වනවිට මෙරට  එන්නත ලබාගත් පිරිස  පිළිබඳව  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාව පහත දැක්වේ /

 

මේ වනවිට එන්නත ලබාගත් සමස්ත සංඛ්‍යාව 160,148කි.

 

ගත වූ දින කිහිපය පිළිබඳව නැවත විමසා බලන වි⁣ට,

 

  1. 01. 2021 – 5,286 දෙනෙකු

 

  1. 01. 2021 – 32,539 දෙනෙකු

 

  1. 01. 2021 – 21,329 දෙනෙකු

 

  1. 02. 2021 – 36,396 දෙනෙකු

 

  1. 02. 2021 – 23,217 දෙනෙකු

 

  1. 02. 2021 – 21,147 දෙනෙකු

 

  1. 02. 2021 – 6,413 දෙනෙකු

 

  1. 02. 2021 – 9,983 දෙනෙකු

 

  1. 02. 2021 – 3,838 දෙනෙකු එන්නත ලබා ‌ගෙන තිබේ.

 

ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් මෙරටට ලැබුණු අතර කොවිෂීල්ඩ් එන්නත්කරණය පසුගිය ජනවාරි 29 වැනිදා නිල වශයෙන් ආරම්භ විය.

 

ඒ, කොළඹ ජාතික බෝවන රෝග විද්‍යාතනයේදී ය.

 

එම එන්නත් වැඩසටහන ආරම්භ කළේ, ඉදිරි පෙළ කොරෝනා මර්දන කටයුතුවල නිරත හමුදා නිලධාරීන් 3 දෙනෙකුට පළමුව එන්නත ලබා දීමෙන් ය.