ශ්‍රී ලංකාවේ COVID-19 හේතුවෙන් මියගිය වයස්ගතම පුරවැසියා ඊයේ (07) ගාල්ල කරපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වෙයි.
මියගොස් ඇත්තේ කරපිටියේ පීටර් කිරිංගොඩ මාවතේ පදිංචි 103 හැවිරිදි කාන්තාවක් බව වාර්තා වේ.
ඇය සෙනසුරාදා (06) සිය නිවසේදී මියගොස් ඇති අතර, පසුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකරන ලද PCR පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ කාන්තාව COVID-19 ආසාදනය වී ඇති බවයි.
මියගිය කාන්තාවගේ ඥාතීන් හත් දෙනෙකු, 3 හැවිරිදි දරුවෙකු ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායන කර ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ COVID-19 හේතුවෙන් සිදුවූ මරණ ගණන 17 දක්වා ඉහළ ගොස් තිබේ.