ලබන මාර්තු මස ආරම්භයේ සිට පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත .
ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අංශ සමඟ අවශ්‍ය සාකච්ඡා සිදුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා මාධ්‍ය වෙත අද පැවසීය
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,මෙසේද පැවසීය ,
“මම යෝජනා කරලා තියෙනවා ගුරුවරුන්ට ඒ එන්නත ලබාදිය යුතුයි කියා . ගුරුවරයා නිතරම කොරෝනා අවදානමට ලක්වෙනවා. විශාල පිරිසක් සමග දෛනිකව ගැටෙනවා. එම නිසා ගුරුවරයාටත් යම්කිසි ආරක්ෂාවක් ලබාදීම යුක්ති සහගතයි. ඒ අනුව මාර්තු මාසයේ ගුරුවන්ට එන්නත අදියර කිහිපයකින් හෝ ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා