ශ්‍රී ලංකන් ගුවන් සමාගමට , විදෙස් ගුවන් සමාගම් වෙතින් සහනයක් .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කල්බදු පහසුකම් යටතේ ගුවන් යානා ලබාදී ඇති සමාගම් එම කල්බදු මුදල් අඩුකිරීමට එකඟතාව පළකර ඇති බව වාර්තාවේ ..

කොරෝනා වසංගතය හමුවේ ගුවන් මගීන් ප්‍රවාහනය විශාල ලෙස පහත වැටීම හේතුවෙන් ,ශ්‍රී ලංකන් ගුවන් සමාගම අදාළ සමාගම් වෙතින් කල ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස බදු මුදල් අඩු කිරීමට එකඟතාව පළවී ඇත .

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ගුවන් යානා 24ක් ඇති අතර, ඒ සියල්ලම කල් බදු පහසුකම් යටතේ ලබාගත් ගුවන් යානා වේ.

මෙම ගුවන් යානා 24 සමාගම් 6කින් කල් බදු පහසුකම් යටතේ ලබාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් ගෙවනු ලබන බදු කුලිය ඇමෙරිකානු ඩොලර් කෝටි 108ක් පමණ වන අතර එම බදු කුලිය ඇමරිකානු ඩොලර් කෝටි 95ක් පමණ දක්වා, ඩොලර් කෝටි 13කින් පමණ අඩු කිරීමට අදාළ ගුවන් සමාගම් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.