ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ඉදිරියේ දී පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන හා නොපැවැත්වෙන කාලසීමාවන්හීදී සතියකට වරක් PCR පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
අද (09) පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අහඹු පී.සී.ආර්.පරීක්ෂණ වැඩසටහනට ඉදිරිපත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය සහිතව මෙම පීසීආර් පරීක්ෂණ පැවැත්වේ.
2021 ජනවාරි මස 13 වැනි දින සිට මේ දක්වා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ක්‍රියාත්මක කරන ලද පී. සී. ආර්. පරික්ෂණ වැඩ සටහන් යටතේ අවසන් වරට 190 දෙනෙකු ජනවාරි 25 වන දින පරීක්ෂාවට භාජනය කරන ලදී.
එම සියලු දෙනා ආසාධිත නොවන බවට තහවුරු වී ඇත.