ආදරවන්තයන්ගේ දිනයේ සෝෂල් මීඩියා සාද තහනම්

Picture of අසංක

අසංක

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා නීතිවිරෝධී මත්පැන් සාද සහ සෞඛ්‍ය අංශ අවසරයකින් තොර ප්‍රිය සම්භාෂණ පැවැත්වුවහොත් ඊට අදාළ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය, බුද්ධි අංශ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි සාද සංවිධානය කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

පසුගිය දිනවල වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගැන සලකා බැලීමේදී සාද හා විවාහ උත්සව ප්‍රධාන වශයෙන් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට හේතුවක් වූ බව පෙනී යන බව හෙතෙම පෙන්වා දුන්නේය.

කොවිඩ් පොකුරු හා අනුපොකුරු නිර්මාණය වීමේ වැඩි ඉඩකඩක් ඇති බැවින් අන්තර්ජාලය හරහා නීතිවිරෝධි සාද සංවිධානය කරන පුද්ගලයින්ට එරෙහිව කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එවැනි සම්භාෂණ සඳහා ඉඩ පහසුකම් ලබා දීමට හෝටල්හිමියන් කටයුතු නොකර සිටින ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කරයි.