නවතම පුවත්

සාෆි සහබ්දීන්ගේ විමර්ශන  යළි අරඹන්නැයි පාස්කු කොමිසම යන්න කලින් පොලිස්පතිට දැනුම් දීලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වූ අපි සාෆි සහබ්දීන් මව්වරුන් බලහත්කාරයෙන්  වඳ කිරීමේ සැත්කම් සිදුකළ   බවට වූ චෝදනා පිළිබඳ  පැවැත්වූ විමර්ශන පිළිබඳ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම සිය නිල කාලය අවසන් වීමට ආසන්නව තිබියදී පොලිස්පතිවරයා වෙත විශේෂ ලිඛිත දැනුම්දීමක් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ එම විමර්ශන සිදුකළ කණ්ඩායම හැර වෙනත් කණ්ඩායමක් පත්කොට එම විමර්ශන යලි ආරම්භ කරන ලෙස එම කොමිසම පොලිස්පතිවරයා වෙත දන්වා ඇතැයි වාර්තා වේ.
කොමිසම සිය දැන්වීම මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සාපේක්ෂ ආදීන් සම්බන්ධයෙන් වන විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඊට අදාළ කණ්ඩායම විසින් නිසියාකාරව  සිදු කර නොමැති බවටයි.
පාස්කු කොමිසමේ විමර්ශන ඒකකය විසින් මේ පිළිබඳව ද දීර්ඝ ලෙස සොයා බැලීමට නියමිතව තිබුණ ද නිල කාලය සීමා වීම හේතුවෙන් එම විමර්ශනය කිරීම අතහැර දමා ඇත.
කෙසේ වෙතත් ඒ වන තෙක් සොයාගත් කරුණු අනුව පොලිස්පතිවරයා වෙත මෙම විශේෂ දැනුම් දීම කිරීමට කොමිසම කටයුතු කර ඇත.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා