නවතම පුවත්

වැලන්ටයින් දිනයේ සෝෂල් මීඩියා  පාටි තහනම් 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
ලබන (14) වැනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා නීතිවිරෝධී මත්පැන් සාද සහ සෞඛ්‍ය අංශ අවසරයකින් තොර ප්‍රිය සම්භාෂණ පැවැත්වුවහොත් ඊට අදාළ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය, බුද්ධි අංශ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එවැනි සාද සංවිධානය කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
පසුගිය දිනවල වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගැන සලකා බැලීමේදී සාද හා විවාහ උත්සව ප්‍රධාන වශයෙන් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට හේතුවක් වූ බව පෙනී යන බව හෙතෙම පෙන්වා දුන්නේය.
කොවිඩ් පොකුරු හා අනුපොකුරු නිර්මාණය වීමේ වැඩි ඉඩකඩක් ඇති බැවින් අන්තර්ජාලය හරහා නීතිවිරෝධි සාද සංවිධානය කරන පුද්ගලයින්ට එරෙහිව කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එවැනි සම්භාෂණ සඳහා ඉඩ පහසුකම් ලබා දීමට හෝටල්හිමියන් කටයුතු නොකර සිටින ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කරයි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා