නවතම පුවත්

වෛද්‍ය සාෆිගේ විමර්ශන යළි අරඹන්නැයි පාස්කු කොමිසම යන්න කලින් පොලිස්පතිට දැනුම් දීලා

අසංක

අසංක

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වූ සාෆි සහබ්දීන් මව්වරුන් බලහත්කාරයෙන් වඳ කිරීමේ සැත්කම් සිදුකළ බවට වූ චෝදනා පිළිබඳ පැවැත්වූ විමර්ශන පිළිබඳ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම සිය නිල කාලය අවසන් වීමට ආසන්නව තිබියදී පොලිස්පතිවරයා වෙත විශේෂ ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ එම විමර්ශන සිදුකළ කණ්ඩායම හැර වෙනත් කණ්ඩායමක් පත්කොට එම විමර්ශන යලි ආරම්භ කරන ලෙස එම කොමිසම පොලිස්පතිවරයා වෙත දන්වා ඇතැයි වාර්තා වේ.

කොමිසම සිය දැන්වීම මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සාපේක්ෂ ආදීන් සම්බන්ධයෙන් වන විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඊට අදාළ කණ්ඩායම විසින් නිසියාකාරව සිදු කර නොමැති බවටයි.

පාස්කු කොමිසමේ විමර්ශන ඒකකය විසින් මේ පිළිබඳව ද දීර්ඝ ලෙස සොයා බැලීමට නියමිතව තිබුණ ද නිල කාලය සීමා වීම හේතුවෙන් එම විමර්ශනය කිරීම අතහැර දමා ඇත.

කෙසේ වෙතත් ඒ වන තෙක් සොයාගත් කරුණු අනුව පොලිස්පතිවරයා වෙත මෙම විශේෂ දැනුම් දීම කිරීමට කොමිසම කටයුතු කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්