ඇමෙරිකාව ,ජගත් මානව හිමිකම් කවුන්සිලයට එක්වීම, ශ්‍රී ලංකාවට තර්ජනයක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරිකාව යළිත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් සමග එක්වීමත් සමග  මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි බලපෑම් ඉහළ යා හැකි  බව  නීතීඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා  මහතා ප්‍රකාශ කර සිටී .

ඒ අනුව මානව හිමිකම් වර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවරයන් සම්භන්ධව ඇමෙරිකාවද ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව නිසි ලෙස දැනුවත් කිරීමට ශ්‍රී ලංකා රජය වහා පියවර ගත යුතුව ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

එසේ නොවුඅහොත් දැනට මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙරටට එරෙහිව ඉදිරිපත්කර ඇති යෝජනාවට වඩා බරපතල යෝජනාවක් මෙම ඇමෙරිකාව ප්‍රමුඛ  රටවල් වෙතින් ඉදිරිපත්විය හැකි බවද ඔහු අනතුරු අඟවා සිටියේය .

මෙම තර්ජනයන්ට මුහුනදීමේදී  ඉන්දියාවේ සහයෝගීතාවය ද ශ්‍රී ලංකාවට අතිශය  වැදගත් බව ඔහු පැවසීය ..

 

 

 

newsdaily cuts · LAWYER PRATHIBA 01
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ලබන 22 වනදා ආරම්භ වීමට නියමිතයි.