නවතම පුවත්

කොරෝනා ආවේ  සතුන්ගෙන් බව තහවුරුයි -WHO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

කොරෝනා වෛරසය සතුන් හරහා   මිනිසාට සම්ප්‍රේෂණය වූවක්  බවට මූලික විමර්ශන වලදී දැනට අනාවරණය වී ඇති බව එම වෛරසයේ  මූලාරම්භය සෙවීම සඳහා චීනයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පිරිස පවසති.

 

කොරෝනා වෛරසය චීනයේ පර්යේෂණාගාරයක සිදුවූ කාන්දුවකින් ආරම්භ වූ බවට පළවූ චෝදනා මේ වනවිට පිලිගත හැකි මට්ටමක නොමැති බවද එම පිරිස මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

 

මෙම කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෙන් එම්බරෙක් මහතා මාධ්‍ය වෙත ඊයේ  පැවසුවේ, චීනයේ වූහාන් නුවර පිහිටි පර්යේෂණාගාරයකින් වෛරසය කාන්දු වීමකින් සිදුවූ බව පැවසීමට සාක්ෂි තම පිරිසට හමු නොවූ බවයි .

 

දැනට  තම පිරිසට ලැබුණු තොරතුරු අනුව මෙම වෛරසය වවුලන් වැනි සතුන්ගෙන් ආරම්භවී මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන්නට ඇතැයි අනුමාන කල හැකි බවද ඒ මහතා මෙහිදී පැවසීය .

 

ඒ අනුව ශීත කල මාංශමය  ආහාර හරහා මෙම වෛරසය පතිරගියේද යන්න ගැන සොයා බැලීමටද තම කණ්ඩායමේ අවධානය යොමුව ඇති බව ඔහු පැවසීය

 

කෙසේ වෙතත් වෛරසයේ ආරම්භය  හඳුනාගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ කළ යුතු බවද  ඔහු පැවසීය .

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා