මියන්මාර පාලනය පෙරළන්න ජගත් ආරක්ෂක මණ්ඩලයම ලෑස්තියි 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ  සාමාජිකයින් 15 දෙනාම එකමුතුවී මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට සහය පළ කර ඇත.

 

ඇමෙරිකාව , චීනය යන සියලු සාමාජික රටවල් එක්ව මෙවැනි යෝජනාවකට එකඟවීම විශේෂ සිදුවීමක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත .

 

අමෙරිකා එක්සත් ජනපදය චීනය ඇතුළු රටවල්  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලෙස  මෙහිදී  ඉල්ලා සිට ඇත්තේ , මියන්මාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ එම ක්‍රියාවලිය පැවතිය යුතු බවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් බැහැරව මානව හිමිකම්වලට ගරු කළ යුතු බවත්ය ..

 

මියන්මාරය තුළ නීතියේ ආධිපත්‍යයට ඉඩ සැළසිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සඳහන් කර ඇත .