පැතුම් වික්‍රමරත්න
කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැකි රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ඊයේ (10) එළිදැක්විණ.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය .www.statehealth.gov.lk යන වෙබ් ලිපිනය ඔස්සේ රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න ජයසුමන ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ කෙරින .
රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළින් කොවිඩ් -19 වැළැක්වීම සදහා ලබාදෙන එන්නත සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව අදාළ දිගුව මෙන්ම , කොවිඩ් -19 පිළිබද තොරතුරු, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන පිළිබදව හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබදවද තොරතුරු මෙහි ඇතුළත්ව ඇත.
කොවිඩ් -19 එන්නත සඳහා ලියාපදිංචි වීම සඳහා මෙම දිගුව ක්ලික් කරන්න.
State Ministry of Primary Health Care, Epidemics and Covid Disease Control