මහබැංකු බැඳුම්කර නඩුවේ  දින නියම වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

මහ බැංකු බැඳුමිකර වංචා සිද්ධියේ විමර්ශනවලට අදාළ  පැමිණිල්ල ලබන මස 18 වනදා කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත්‌ අධිකරණය නියම කර තිබේ.

 

එම පැමිණිල්ල ඊයේ  (11) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‌ බණ්ඩාර නෙළුම්දෙණිය මහතා  හමුවේ කැඳවනු ලැබී ය.

 

මෙහි සැකකරුවන්‌ ලෙස පර්පචුවෙල්‌ ට්‍රෙෂරීස්‌ සමාගම් සභාපති ජෙෆ්රි ඇලෝසියස්‌, එම සමාගමේ අධ්‍යක්ෂවරුන්‌ වන අර්ජුන්‌ ඇලෝසියස්, ‌ප්‍රධාන විධායක කසුන්‌ පලිසේන සහ ශ්‍රී

ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ඇතුළු දස දෙනෙකු නමි කර තිබේ.

 

මේ අතර 2016/03/29 සහ 31

මහබැංකු බැඳුම්කර නිකුතුවලට අදාළව හිටපු මුදල්‌ ඇමති රවී කරුණානායක ඇතුළු 11කට එරෙහි නඩුවේ විමර්ශන

අවසන්‌ බව, අපරාධ පරීක්ෂණ

දෙපාරතමේන්තුව අධිකරණයට දැනුමි දී ඇත.

 

ඊට අදාළව, නීතිපති උපදෙස්‌ ලබාගැනීම සඳහා අදාළ  විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමුකළ බව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව‌ දැනුමි දී ඇත.