ගුරුගොඩ ඔයෙන් යතුරුපැදියක ගැටගැසූ මළ සිරුරක් හමුවෙයි

Picture of අසංක

අසංක

යතුරුපැදියක ගැටගැසූ පුද්ගල සිරුරක ඇටසැකිල්ලක් හොරණ දඹර ප්‍රදේශයේ ගුරුගොඩ ඔයේ තිබී හමුවී තිබේ.

ඊයෙ හමුවේ එම මළ සිරුරේ පාද යතුරු පැදියේ ගැට ගසා තිබී ඇත.

යතුරු පැදිය සමග එම පුද්ගලයා ඔයාට දමා ඇති බවත්, මීට මාස දෙකකට පෙර මෙම ඝාතනය සිදුව ඇති බවට ද පොලීසිය සැකකරයි.

පසුගිය කාලයේ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබී ඇති අතර මේ දිනවල ජලය අඩු වී ඇති බැවින් ඔයේ තිබුණු යතුරුපැදිය සමඟ ඇටසැකිල්ල මතුවීම නිසා මෙය සොයාගෙන තිබේ.