පොලීසියේ ලොකු පුටු රැසක වෙනසක් අද සිදුව තිබේ.
ඒ අනුව කොළඹ නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර, පිරිස් පාලන අංශයටත් පිරිස් පාලන අංශයේ සිටි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයටත් මාරු කර තිබේ.
කොළඹ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩබැලීමට බස්නාහිර උතුරුදිග නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්‍රී පත් කර ඇත.
ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ද, ක්‍රීඩා සහ නාගරික රථවාහන ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා ගල්කිස්ස කොට්ඨාශයට ද, හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්. ලීලවංශ මහතා ඇල්පිටිය කොට්ඨාසයට ද, ඇල්පිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සතිස් ගමගේ ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ද කුලියාපිටිය කොට්ඨාශ භාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.ආර්. ගමගේ හලාවත කොට්ඨාශයට ද පිරිස් පාලන අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී උදිත් ලියනගේ යාපනය කොට්ඨාස වෙතද මාරුකර යවා තිබේ.
යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල පොලිස් ක්‍රීඩා අධ්‍යාපන කොට්ඨාසය වෙත ද පොලිස් මූලස්ථානයේ සිටි ජේෂ්ඨ පොලිස් මූලස්ථානයේ සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක කන්කසන්තුරය පොලිස් ප්‍රධානියා ලෙසද කන්කසන්තුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් ඩී.ජේ. සේනාධීර පිරිස් පාලන අධ්‍යක්ෂවරයා ලෙසද මාරු කර ඇත.
මෙයට අමතරව සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුගේ ද ස්ථානමාරු ක්‍රියාත්මකයි.