එක් කොවිඩ් රෝගියෙකුගෙන් තවත් රෝගීන් දෙදෙනෙකු නිර්මාණය වීමට තරම් ව්‍යාප්තියක් තවමත් මෙරට තුළ සිදුව නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටී .
ඒ අනුව තවමත් වෛරසය පාලනය කළ නොහැකි මට්ටමේ අවදානමක් රට තුල මතුව නොමැති බවද ඔහු මාධ්‍ය වෙත අද පැවසීය .
එක් රෝගියෙකුගෙන් තවත් රෝගීන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් බිහි වන්නේ නම් සීමිත දින ගණනක් තුළ රෝගීන් දෙගුණයක් බවට පත්විය හැකි බවද වෛද්‍යවරයා මෙහිදී පැවසීය .
ඕනෑම අවස්ථාවක මෙම තත්වය පාලනයෙන් තොර වීමේ අවදානමක් පවතින බවත් එවැනි තත්වයකට පත් නොවී සිටීමේ වගකීම සෞඛ්‍ය අංශවලට පමණක් නිවා රටේ සියලුම දෙන්නට පැවරෙන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කර සිටියේය