නවතම පුවත්

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය යෝජනාවක් සම්මත කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් යෝජනාවක් සම්මත කරගෙන ඇත .

ප්‍රජාතන්තවාදී ලෙස පත් වූ රජය කුමන්ත්‍රණයක් මඟින් හමුදා පාලනය යටතට ගැනීමට විරුද්ධව එලෙස යෝජනාවක් සම්මත කරගෙන ඇති බවද වාර්තාවේ.

ජිනීවා නුවරට ඊයේ (13) රැස් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් රැස් වී එම යෝජනාව සම්මත කරගෙන තිබේ .

බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය විසින්  එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර . එය ඒකමතිකව සම්මත වී තිබෙන බව විදෙස් වාර්තා පෙන්වාදේ .

එම යෝජනාව මඟින් යළි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුචී ඇතුළු දේශපාලනඥයින් නිදහස් කරන ලෙසත් බලකර ඇත.

එමෙන්ම මියන්මාරයට එරෙහිව අවි ආයුධ තහනමක් ඇතුළු සම්බාධක පනවන ලෙසද මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා