ගිනිගත් නැව නිසා මියගිය මුහුදු ජීවීන් 200ක් ගොඩගහලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන්  කැස්බෑවුන් 176 දෙනකු, තල්මසුන් 04 දෙනකු සහ ඩොල්ෆින් මාළුන් 20 දෙනකු මියගොස් ඇති බව නිතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ ඊයේ (30) දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව  කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් විශ්ලේෂණ වාර්තා කැදවීම සදහා රස පරීක්ෂකවරයා වෙත අදාළ වාර්තා යොමු කර ඇති බවත් නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එසේම අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ වුවද කරුණු වාර්තා කළ හැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.